HR SITUATION SLPUBLICATIONSRepression of Dissent

Repression of Dissent in Sri Lanka, December 2023

0

Click here to download the full report.

සිංහල පරිවර්තනය පහතින් ඇත.

Executive Summary

Context: December 2023 marked the beginning of a special Police operation titled ‘Yukthiya’ (Justice) to eradicate illegal drugs and underworld activities, spearheaded by the newly appointed Acting Inspector General of Police (IGP) Deshabandu Tennakoon. The International Monetary Fund (IMF) approved the second instalment of 337 million USD worth, a 48-month extended credit facility to be given to Sri Lanka as its first review was completed. These developments took place while the budget for the year 2024 was passed with a majority of 41 votes. It was also reported that the President’s Office is planning to establish a new position of Police Commissioner General to oversee the administration of the entire Police Department and appoint former Inspector General of Police Chandana Wickramaratne for that purpose. The wildlife officers across the island engaged in a symbolic strike for one day based on several demands, including ensuring the safety of wildlife officers and the need to evaluate the services of wildlife officers. Health Minister Dr. Ramesh Pathirana’s public declaration of the increase in malnourishment among children further demonstrated the consequences of adverse economic conditions in the country.

A group of individuals representing an anti-corruption and anti-bribery pressure group filed a complaint with the police headquarters, demanding the arrest of former health minister Keheliya Rambukwella and former health secretary Janaka Chandragupta for importing substandard Immunoglobulin antibody vaccines into Sri Lanka. A separate unit under the Computer Crime Investigation Division has been established to investigate religious offences that take place on social media networks. A Kalutara Prison inmate who was admitted to the Nagoda Teaching Hospital died reportedly due to an assault.

Case updates: A local media rights group handed over a letter to the Senior Deputy Inspector General of Police in charge of North Western Province requesting that an impartial investigation be conducted against the Officer-in-charge of Bingiriya police station who allegedly assaulted Bingiriya Rupavahini journalist Dinith Kumara and confiscated the journalist’s media equipment while he was covering some news. Ahnaf Jazeem, a poet and teacher who was held for more than a year and a half under the Prevention of Terrorism Act (PTA), has been exonerated of the charges brought against him. The attorney general informed the court that the police and the army have expressed their regret for obstructing a group of lawyers who engaged in an anti-government protest during the people’s struggle in 2022. Hearing the petitions on the Online Safety Act, the SC held that 33 amendments are required, in order to pass it with a simple majority at the Parliament. Fort Magistrate Thilina Gamage ordered that the case filed against Bodu Bala Sena Secretary General Pujya Galaoda Atte Gnanasara Thero for submitting false statements to the media in a way that insults the Quran and Islam is to be called again on March 11 for the advice of the Attorney General. A fundamental rights (FR) petition filed against Uva Provincial Chief Minister Chamara Sampath Dasanayake for harassing a school principal by kneeling was withdrawn on 1st December. The petitions requesting a verdict that the basic human rights of the public have been violated by not holding the Local Government Elections scheduled to be held on 9th March had been reheard on 13th December before the five-member Supreme Court (SC) bench. The SC ruled that now-acting IGP Deshabandu Tennakoon and 3 other police officers were guilty of torture, arbitrary arrest, and detention of a suspect who was arrested on suspicion of a robbery in 2010 and they were also ordered to pay 2 million LKR as compensation. Several fundamental

rights petitions have been filed in the Supreme Court requesting that an order be issued preventing Deshabandu Tennakoon from assuming the position of IGP and also from serving as the acting IGP. Additionally, the Young Journalists Association of Sri Lanka, a media rights group, requested the National Police Commission to remove him from the Acting IGP position. Hearing a case filed by the Bribery and Corruption Investigation Commission against MP Wimal Weerawansa, the Colombo High Court ordered a notice to MP Weerawansa and his guarantors to appear before the court immediately on the following day.

Repression of media and journalists: A 36-year-old media cameraman named Mahesh Gunasinghe was murdered at a hotel in the Katuwagasgoda area of Veyangoda. Sri Lanka’s Terrorism Investigation Division (TID) interrogated Rasarathnam Dharshan, a journalist and the former president of the Jaffna University Arts Students’ Union for more than 3 hours, over the choice of songs that were played during a commemoration ceremony that was held at the campus to mark Tamil Genocide Remembrance Day in May 2022. IBC Tamil media journalist Letchumanan Thevapratheepan, the Batticaloa correspondent, was called to the Valaichchenai police station. It was said that he had reported on a Tamil Martyrs memorial held at a burial ground in the Eastern Province. Thevapratheepan was asked to bring the registration certificate of the motorbike he had used to come to the police station and questioned on the Tamil Martyrs memorial held at the burial ground in Tharawi, Batticaloa on 27 November.

Repression of freedom of assembly: The Police dispersed a protest held near the Parliament firing tear gas and water at the protesters. It was organized by the women’s wing of the National People Power (NPP) against the rising cost of living, increasing taxes and several other issues. Police obstructed a remembrance event to mark the 39th anniversary of the Othiyamalai massacre in which Sri Lankan armed forces killed 32 Tamil civilians in 1984 in Othiyamalai village in Oddusuddan in Mullaitivu district. The police have ordered the organisers to conclude the event, claiming that they had not obtained the necessary permission to use loudspeakers. Members of nearly 600 families whose houses were damaged due to the central expressway initiated a Satyagraha (peaceful protest) near Gattuwana entrance, Kurunegala. When protesters attempted to build a tent for the protesters, the Police confiscated all the items that were brought to build the tent.

Click here to download the full report.

Repression of state officials: It was reported that the Court of Appeal was informed of an alleged conspiracy to murder the former Director of the Criminal Investigation Department (CID) Shani Abeysekara in a car accident. This investigation came about following the writ petition filed by Shani Abeysekera, seeking an order instructing the Inspector General of Police (IGP) and other respondents to provide adequate security for him due to life threats. Five public health inspectors who had inspected the kitchens at the ‘Avenra Garden hotel in Negombo that allegedly belonged to a politician were summoned to the Police as a reprisal for their act.

Other: Lawyers’ trade unions strongly denounced the statement made by Public Security Minister Tiran Alles linking Attorneys-at-Law to drug traffickers. A youth who ran a Facebook page and a group titled Puss Buddha’ (loosely translated as ‘Feline Buddha’) and ‘Followers of Puss Buddha’ was arrested on 21st December and remanded until 4th of January. It was reported that Valaichenai police had declined to file a complaint after a Tamil livestock farmer claimed that Sinhala settlers in Madhavanai had shot his cow.

Click here to download the full report.

ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය, 2023 දෙසැම්බර්

සම්පූර්ණ වාර්තාව ඉංග්‍රීසියෙන් බාගත කිරීමට මෙහි ක්ලික් කරන්න.

විධායක සාරාංශය

සන්දර්භය, 2023 දෙසැම්බර් මස සනිටුහන් වූයේ අලුතින් පත් කරන ලද වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ පාතාල වැඩ කටයුතු තුරන් කිරීමට යුක්තිය මෙහෙයුම නමින් විශේෂ පොලිස් මෙහෙයුමක ආරම්භයත් සමග ය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ පළමු සමාලෝචනය නිම කළ නිසා ශ්‍රී ලංකාවට මාස 18 ක විස්තීර්ණ ණය පහසුකම යටතේ දෙවැනි කොටස වශයෙන් ඇමරිකානු ඩොලර් දශ ලක්ෂ 337 ක් අනුමත කරන ලදී. මෙම වර්ධනයන් ඇති වූයේ 2024 සඳහා වූ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 41 කින් සම්මත වූ තත්වයක් යටතේය. ජනාධිපති කාර්යාලය, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමට පොලිස් කොමසාරිස් ජනරාල් යනුවෙන් නව තනතුරක් ඇති කිරීමටත් එම තනතුර සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පත් කිරීමටත් සැලසුම් කරන බව වාර්තා විය. වනජීවී නිලධාරිහු දිවයින පුරාම වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ වනජීවී නිලධාරීන්ගේ සේවා ඇගයීමේ අවශ්‍යතාවය ඇතුළත් ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන එක් දින සංකේතාත්මත වැඩ වර්ජනයක යෙදුණහ. සෞඛ්‍යය ඇමති වෛද්‍ය රොමේෂ් පතිරණ ළමයින් අතර මන්දපෝෂණය පැතිරෙමින් පවතින බවට කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් රටේ ආර්ථික තත්වයේ අහිතකර බලපෑම් තවදුරටත් පැවතීම ප්‍රදර්ශනය කෙරිණ.

දූෂණ විරෝධි අල්ලස් විරෝධී බලපෑම් කණ්ඩායමක පිරිසක් තත්වයෙන් බාල ඉමියුනොග්ලෝබියුලින් නම් ප්‍රතිදේහ එන්නත ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජානක චන්ද්‍රගුප්ත අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. සමාජ මාධ්‍ය ජාලයන්හි සිදු කෙරෙන ආගමික වැරදි විමර්ශනය කිරීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය යටතේ වෙනම ඒකකයක් පිහිටුවන ලදී. පහර දිමක් නිසා කලුතර බන්ධනාගාරයේ රැඳවියෙකු නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.     

  බිංගිරිය රූපවාහිනී ජනමාධ්‍යවේදී දිනිත් කුමාරට පහර දීමක් සම්බන්ධයෙන් සහ ඔහු ප්‍රවෘත්තියක් ආවරණය කරමින් සිටයදී ජනමාධ්‍යකරුවෙකුගේ මාධ්‍ය උපකරණ අත් අඩංගුවට ගැනීම ගැන බිංගිරිය පොලිස් ස්ථානයේ ස්ථාන භාර නිලධාරි ට එරෙහිව අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ප්‍රාදේශීය මාධ්‍ය අයිතිවාසිකම් කණ්ඩායමක් වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ලිපියක් භාර දුන්හ. වසර එක හමාරකට අධික කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිර ගත කර සිටි කවියෙකු සහ ගුරුවරයෙකු වන අහ්නාප් ජසීම්ට විරුද්ධව ඉදිරිපත් කර තිබු චෝදනාවලින් නිදොස් කර නිදහස් කරන ලදී. 2022 ජනතා අරගල සමයේ දී ආණ්ඩු විරෝධී අරගලයට සහාය පළ කිරීමින් සිටිය දී බාධා කිරීම්වලට ලක් වූ නීතිඥ කණ්ඩායමකට පොලිසිය සහ හමුදාව තම කණගාටුව ප්‍රකාශ කරන බව නීතිපති අධිකරණයට දැනුම් දුන්නේය. මාර්ග ගතක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පෙත්සම් විභාග කිරීමෙන් පසු එම පනත පාර්ලිමේන්තුවෙන් සාමාන්‍ය බහුතරයකින් සම්මත කර ගැනීමට සංශෝධන 33ක් ඇතුළත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙලේය.  කුරාණයට සහ ඉස්ලාම් ආගමට අපහාසයක් වන ආකාරයට සාවද්‍ය ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව පවරා තිබු නඩුවක් නිතිපති ගේ උපදෙස් ලබා ගැනිම සඳහා මාර්තු 11 දක්වා කල් තැබුවේය. විදුහල්පතිනියක් දණ ගැස්වීමෙන් හිරිහැර කිරීම පිලිබඳව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායකට එරෙහිව ගොනු කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් 1 වැනි දින ඉල්ලා අස් කර ගන්නා ලදී. මාර්තු මස 9 වැනි දා පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් දෙසැම්බර් 13 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙකු ඉදිරියේ නැවත විභාගයට ගන්නා ලදී. 2010 දී හොරකමක් පිළිබඳව අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුට වද හිංසා පැමිණවීම, හිතුවක්කාර ලෙස අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් දැනට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු වැරදිකරුවන් බව තිරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිලිකරැට රුපියල් දශ ලක්ෂ දෙකක් වන්දි වශයෙන් ගෙවිමට නියම කෙළේය. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ වැඩ භාරගැනීමත් වැඩ බලන පොලිස්පති වශයෙන් සේවය කිරීමත් වළක්වන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් කිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී.  ඊට අමතරව ජනමාධ්‍ය කණ්ඩායමක් වන ශ්‍රී ලංකාවේ තරුණ ජනමාධ්‍යචේදීන්ගේ සංගමය ඔහු වැඩ බලන පොලිස්පති තනතුරෙන් ඉවත් කරන්නැයි ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලිමක් කෙළේය. පාර්ලිමේන්තු මංත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කරන ලද නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඔහුට සහ ඔහුගේ ඇපකරුවන්ට ඊට පසුවදාම අධිකරණයට ඉදිරිපත්වන ලෙස අධිකරණයෙන් නියෝග කෙරිණ.  

සම්පූර්ණ වාර්තාව ඉංග්‍රීසියෙන් බාගත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මාධ්‍යය සහ ජනමාධ්‍යවේදීන් මර්දනය: තිස්හය හැවිරිදි මාධ්‍ය ඡායාරූප ශිල්පියෙකු වන මහේෂ් ගුණසිංහ වේයන්ගොඩ කටුවගස්ගොඩ හෝටලයක දී මරා දමා ඇත. ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය 2022 මැයි මාසයේ දෙමළ ජනඝාතනය සිහිපත් කිරීමට විශ්වවිද්‍යාලයේ පැවති සමරු උත්සවයේ දී වාදනය කළ ගීත තෝරා ගැනීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කලා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සහ ජනමාධ්‍යවේදියෙකු වන රාසරත්නම් දර්ශන්ගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ඇත. IBC දෙමළ මාධ්‍ය ආයතනයේ මඩකලපුව ජනමාධ්‍යවේදී ලෙච්චුමානන් තේවප්‍රතීපන් වාලච්චේනෙයි පොලිස් ස්ථානයට කැඳවා ඇත. ඔහු නැගෙනහිර පළාතේ සුසාන භූමියක පැවති අනුස්මරණ උත්සවයක් වාර්තා කෙළේයැයි සඳහන් වේ. තේවප්‍රතීපන් පොලිසියට පැමිණි මෝටර් සයිකලයේ ලියා පදිංචි සහතිකය පොලීසියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති අතර නොවැම්බර් 27 වැනිදා මඩකලපුව තරාවි සුසාන භූමියේ පවත්වන ලද දෙමළ රණවිරු අනුස්මරණ උත්සවය ගැන ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

රැස්වීමේ නිදහස මර්දනය කිරීම: පොලිසිය පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවයක් ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් එල්ල කොට විසිරුවා හැරියේය. එය ජීවන වියදම ඉහළ යෑම, බදු බර සහ තවත් කරුණු ගණනාවක් මුල් කර ගෙන ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය මගින් සංවිධානය කර තිබිණ. 1984 දී මුලතිවු දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් හි ඔතියමලෙයි ගමේ දි ආරක්ෂක හමුදා විසින් සිවිල් වැසියන් 34 දෙනෙකු ඝාතනය කළ ඔතියමලෙයි සංහාරයේ 39 වැනි සංවත්සරය සිහිපත් කිරීමට පැවති  උත්සවයට පොලීසිය බාධා කෙළේය. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා ගෙන නැති බව පවසමින් උත්සවය නතර කිරීමට පොලිසිය එහි සංවිධායකයන්ට නියෝග කෙළේය. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී නිවාස හානි වූ පවුල් 600කට ආසන්න සංඛ්‍යාවක සාමාජික කණ්ඩායමක් කුරැණෑගල ගැට්ටුවාන පිවිසුම අසළ සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත් වුහ. විරෝධතාකරුවන් කූඩාරම් ඉදි කිරීමට උත්සාහ කළ විට පොලීසිය ඒ සඳහා ගෙනෙන ලද සියලු ද්‍රව්‍ය තම භාරයට ගන්නා ලදී.

ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. ඡායාරූප අනුග්‍රහය: Lanka Truth

රාජ්‍ය නිලධාරීන් මර්දනය කිරීම: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ෂානි අබේසේකර රිය අනතුරක් සිදු කොට ඝාතනය කිරීමට සැලසුම් කළ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට වාර්තා විය. මෙම විමර්ශනය ආරම්භ වූයේ ෂානි අබේසේකර තම ජීවිතයට තර්ජනයක් පවතින නිසා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිට සහ අනෙකුත් වගඋත්තරකරුවන්ට නියෝග කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි අයදුම් පතක් ඉදිරිපත් කිරීමෙන් පසුවය. දේශපාලකයෙකුට අයත්යැයි හැඳින්වෙන මීගමුවේ ‘අවර්නා ගාර්ඩන්‘ හෝටලයේ මුලුතැන්ගේ පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස් දෙනෙකුගෙන්  පලිගැනිමක් වශයෙන් පොලීසියට කැඳවා ඇත. වෙනත්:  නීතිඥයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධයැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් කරන ලද ප්‍රකාශයක් නීතිඥ වෘත්තීය සමිති තදින් හෙළා දකින ලදී. මුහුණ පොතේ පිටුවක් පවත්වා ගෙන එන තරුණයෙකු සහ පූස් බුද්ධ නමින් යුත් කණ්ඩායමක් සහ එම කණ්ඩායමේ අනුගාමිකයෙකු දෙසැම්බර් 21 අත් අඩංගුවට ගෙන ජනවාරි 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. මාදවනෙයි හි සිංහල පදිංචිකරුවෙකු තම එළදෙනකට වෙඩි තබන ලදැයි ගව පට්ටි පාලනය කරන දෙමළ ගොවියෙකු කරන ලද පැමිණිල්ලක් වාලච්චනෙයි පොලීසිය භාර නොගත් බව වාර්තා විය.

සම්පූර්ණ වාර්තාව ඉංග්‍රීසියෙන් බාගත කිරීමට මෙහි ක්ලික් කරන්න.

Comments

Comments are closed.

Popular Posts

Login/Sign up